Friday, October 18, 2024

General line - 0115112241

විස්සයි විස්ස ලෝක කුසලානයේ වටිනාම ක්‍රීඩකයින් අතර ඇෆ්ගනිස්ථානය ඉදිරියෙන්




පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ මෙතෙක් පැවති තරඟ අවසානයේ තරඟාවලියේ වටිනාම ක්‍රීඩකයින්ගේ ලයිස්තුවක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

එහි විශේෂත්වය වන්නේ එම ලයිස්තුවේ වටිනාම ක්‍රීඩකයින් 05 දෙනා අතර ඇෆ්ගනිස්ථාන ක්‍රීඩකයින් තිදෙනෙකු සිටීමයි.

මෙතෙක් පැවති තරඟ අවසානයේ, තරඟාවලියේ වටිනාම ක්‍රීඩකයා ලෙස වැඩිම ප්‍රසාද ලකුණු සංඛ්‍යාවක් ලබා ගෙන ඇත්තේ ඇෆ්ගනිස්ථාන ආරම්භක පිතිකරු රමනුල්ලා ගුරුබාස්.

ඔහු තරඟ 07කදී ලකුණු 281ක් රැස් කළ අතර මෙතෙක් තරඟාවලියේ වැඩිම ලකුණුලාභියා ද ඔහුයි. 

තරඟාවලියේ වටිනාම ක්‍රීඩකයින්ගේ ලයිස්තුවේ තුන් වන ස්ථානය ඇෆ්ගනිස්ථාන නායක රෂීඩ් ඛාන්ට හිමිව ඇති අතර එහි පස්වන ස්ථානය වේග පන්දු යවන ක්‍රීඩක ෆසාල් හක් ෆරූකිට හිමිව තිබෙනවා.

ඔහු තරඟ 07කදී කඩුලු 16ක් බිඳ හෙළා ඇති අතර මෙතෙක් තරඟාවලියේ වැඩිම කඩුලුලාභියා ද ඔහුයි.