Saturday, October 5, 2024

General line - 0115112241

රාජ්‍ය සේවකයින්ගේ අතිරික්තයක් - වැටුප් වැඩිකළ නොහැකි බව ජනපති අවධාරණය කරයි




මෙම වසර තුළ රාජ්‍ය අංශයේ යළි වැටුප් වැඩි කිරීමක් සිදුකල නොහැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

ඉදිරියේ දී මැතිවරණ කාල සීමාවක් බැවින් එය සිදු කිරීමට නොහැකි බවයි ඌව පළාත් ප්‍රජා පොලිස් කමිටු සාමාජිකයන් බල ගැන්වීමේ උත්සවයට එක්වෙමින් ජනාධිපතිවරයා සඳහන් කළේ. 


පසුගිය කාල සීමාව තුළ රට ආර්ථික වශයෙන් පසුබෑමකට ලක්ව තිබියදී රටේ වගකීම භාර ගැනීමට ප්‍රධාන දේශපාලන පක්ෂ නායකයින්ට ආරාධනා කළත් ඔවුන් එය මඟහරිමින් පවතින වැඩපිළිවෙල විවේචනය කළ බවයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියේ.