Friday, October 18, 2024

General line - 0115112241

ගාල්ලේ ජනාධිපති ශිෂ්‍යත්ව වැඩසටහන කල් දමයි 




ගාල්ල දිස්ත්‍රික්කය කේන්ද්‍ර කර ගනිමින් අද පැවැත්වීමට නියමිතව තිබූ ජනාධිපති ශිෂ්‍යත්ව වැඩසටහන කල්දමා තිබෙනවා.

ගාල්ල දිස්ත්‍රික් ලේකම් ඩබ්ලිව් ඒ ධර්මසිරි පැවසුවේ පවතින අයහපත් කාලගුණ තත්ත්වය සැලකිල්ලට ගනිමින් එම ශිෂ්‍යත්ව වැඩසටහන කල්දැමූ බවයි.

සමනල ක්‍රීඩාංගනයේ අද දිනයේ ජනාධිපති ශිෂ්‍යත්ව වැඩසටහන පැවැත්වීමට නියමිතව තිබුණා.

එහිදී ගාල්ල දිස්ත්‍රික්කයේ පාසල් සිසුන් 5,000කට ආසන්න සංඛ්‍යාවකට ජනාධිපති අරමුදල යටතේ ශිෂ්‍යත්ව ලබාදීමට සැලසුම් කර තිබූ බව දිස්ත්‍රික් ලේකම්වරයා පැවසුවා.