Sunday, September 8, 2024

General line - 0115112241

ඩොනල්ඩ් ට්‍රම්ප් ඝාතන කුමන්ත්‍රනයක්




අමෙරිකානු ජනාධිපතිවරණයේ රිපබ්ලිකන් අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් ඝාතන කුමන්ත්‍රනයක් ක්‍රියාත්මක බවට විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මෙම කුමන්ත්‍රණ තැත ක්‍රියාත්මක කරන්නේ ඉරානය විසින් බවටයි අමෙරිකානු ආරක්ෂක අංශ පවසන්නේ.

මෑත කාලීනව අමෙරිකානු බුද්ධි අංශය වෙත ලද තොරතුරුවලින් මෙම ඉරාන ඝාතන කුමන්ත්‍රණය පිළිබඳ තොරතුරු අනාවරණය කරගෙන ඇතැයි සඳහන්.

මේ පිළිබඳ තොරතුරු අනාවරණය වන්නේ අමෙරිකානු ජනාධිපතිවරණයේ රිපබ්ලිකන් අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් ඉලක්ක කර ඉකුත් දා එල්ල වූ වෙඩි ප්‍රහාරයෙන් පසුවයි.

කෙසේවෙතත් මෙම වෙඩි ප්‍රහාරය සහ ඉරානයේ ඝාතන කුමන්ත්‍රණය අතර සම්බන්ධයක් ඇත්දැයි අනාවරණය කර නැහැ.