Friday, October 18, 2024

General line - 0115112241

ඡන්දය දිනන්න බෑ - අමෙරිකානු ජනපති බයිඩ්න්ට රහස් පණිවිඩයක්




එළඹෙන ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීම අපහසු බවට අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න්ට රහස් පණිවිඩයක් ලැබී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඔහුට පෞද්ගලිකව මෙම පණිවිඩය ලබා දී ඇත්තේ අමෙරිකානු හිටපු කතානායිකා නැන්සි පෙලොසි විසින්.

දෙදෙනා අතර පැවති සංවාදයකදී නැන්සි පෙලොසි පවසා ඇත්තේ ඉදිරි ජනාධිපතිවරණයේදී ඩොනල්ඩ් ට්‍රම්ප් පරාජය කළ නොහැකි වනු ඇති බව ජනමත විමසුමකින් පවා පෙන්නුම් කර ඇති බවයි.

දෙවන ධුර කාලය අපේක්ෂාවෙන් තවදුරටත් බලයේ සිටියහොත් ඩිමොක්‍රටික් පාක්ෂිකයින්ට ඉදිරි මැතිවරණයේදී ජයග්‍රහණය කිරීම අභියෝගයක් වනු ඇති බවටයි ඇය පවසා ඇත්තේ.

එහිදී බයිඩ්න් පවසා ඇත්තේ ඉදිරි මැතිවරණය තමාට ජය ගත හැකි බවට පැවසෙන ජනමත විමසුම් පවා ඇති බවයි.

මූලාශ්‍ර 04කින් ලබා ගත් තොරතුරු තහවුරු කරමින් විදෙස් මාධ්‍ය, දෙදෙනා අතර පැවති මෙම සංවාදය පිළිබඳ තොරතුරු අනාවරණ කර තිබෙනවා.

මෙම තොරතුරු අනාවරණ වුණේ අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න්ට කොවිඩ් වැළඳීම හේතුවෙන් මැතිවරණ ව්‍යාපාරය පවා අඩාල වීමේ අවදානමක් පවතින පසුබිමකයි.

81 හැවිරිදි වියේ පසුවන ජෝ බයිඩ්න්ට මීට පෙරද අවස්ථා දෙකකදී කොවිඩ් වැළඳී තිබුණා. 

ඉකුත් ජූනි මාසයේදී අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් සමග පැවති විවාදයේදී බයිඩ්න්ගේ දුර්වල කතා විලාසය හේතුවෙන් ඔහුට මීට පෙර ද දැඩි පීඩනයකට මුහුණ දීමටයි සිදු වුණේ.