Friday, January 3, 2025

General line - 0115112241

ඉන්දියාව හයිටියට අත දෙයි




ඉන්දියාව හයිටි රාජ්‍යයට මානුෂීය ආධාර තොගයක් යවා තිබෙනවා.

ඊට රුධිර පාරවිලයනය අත්‍යවශ්‍ය වෛද්‍ය සැපයුම් ද ඇතුළත් බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

ඉන්දීය  විදේශ කටයුතු අමාත්‍යාංශය සිය සමාජ මාධ්‍ය ගිණුම් ඔස්සේ ඒ බව නිවේදනය කර තිබෙනවා.

එහි සඳහන් කර ඇත්තේ ඉන්දියාව හයිටියට මානුෂීය ආධාර යොමු කළ බව හා හයිටියේ ජනතාව සමඟ සහයෝගීව, වෛද්‍ය සැපයුම් ටොන් 9 ක් අඩංගු ඉන්දියාවේ මානුෂීය ආධාර නවදිල්ලියේ සිට පෝට්-ඕ-ප්‍රින්ස් වෙත පිටත් කර හැරි බවයි.

“මෙම තොගයට රුධිර පාරවිලයන අත්‍යවශ්‍ය ද්‍රව්‍ය, ප්‍රතිශක්තිකරණ රෝග සඳහා ප්‍රතික්‍රියාකාරක, වේගවත් පරීක්ෂණ සහ ELISA ඇතුළු තවත් දේ ඇතුළත් බව ද එම අමාත්‍යංශය නිවේදනය කර තිබෙනවා.

මේ අතර ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශයේ ප්‍රකාශක Randhir Jaiswal ද ඔහුගේ X ගිණුමෙහි සටහනක් තබා ඉන්දියාව හයිටියට ලබා දුන් මානුෂීය ආධාර පිළිබඳව දැනුම් දුන්නා.

සතියකට පෙර, හයිටි වෙරළට ඔබ්බෙන් යාත්‍රා කරමින් තිබූ බෝට්ටුව ගිනි ගැනීමෙන් පුද්ගලයින් 40 දෙනෙකු මිය ගියා 

 හයිටියේ වෙරළාරක්ෂක බලකාය විසින් 41 දෙනෙකු බේරා ගෙන තිබෙනවා