Thursday, September 19, 2024

General line - 0115112241

ලෙබනනයේ තවත් පිපිරීම් මාලාවක්




ලෙබනනයේ තවත් පිපිරීම් මාලාවක් සිදුව තිබෙනවා.

ඒ, හිස්බුල්ලා සාමාජිකයින් ඉලක්ක කරගෙනයි.

මෙවර මෙම පිපිරීම් මාලාවට යොදාගෙන තිබුණේ “වෝකි ටෝකි” යන්ත්‍රයි. 

හිස්බුල්ලා සාමාජිකයින් සන්නිවේදන කටයුතු සඳහා භාවිත කරන පේජර් නමැති උපකරණ ලෙබනනය පුරා පුපුරා ගියේ මීට දිනකට පෙරයි.

එහි උණුසුම මැකී යෑමටත් පෙර මෙලෙස ඊයේ “වෝකි ටෝකි” යන්ත්‍ර පුපුරා ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.