Wednesday, October 23, 2024

General line - 0115112241

ඉන්දියාවේ වෙඩි තැබීමකින් සංක්‍රමණික කම්කරුවන් 7දෙනෙක් මරුට




ඉන්දියාවේ  කාශ්මීරයේ උමං ව්‍යාපෘතියක වැඩ කරමින් සිටි සංක්‍රමණික කම්කරුවන්ට  තුවක්කුකරුවන් විසින්  වෙඩි තබා තිබෙනවා 

එම වෙඩි තැබීමෙන් සංක්‍රමණික කම්කරුවන් හය දෙනෙකු සහ වෛද්‍යවරයකු මියගොස් තවත් 10දෙනෙකු රෝහල් ගත කර  තිබු බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ 

සෝනාමාර්ග් අසල ඉදිකිරීම් කම්කරුවන් සඳහා නවාතැන් කඳවුරකට මෙම ප්‍රහාර එල්ල විය 

එහිදී  දෙදෙනෙකු එම ස්ථානයේදී මියගොස් තිබු අතර අනෙක් පුද්ගලයන් පස්දෙනා රෝහල් ගත කිරීමෙන් අනතුරුව මියගොස් ඇති බවයි  එරට මාධ්‍ය වාර්තා කරන්නේ.

මෙම ප්‍රහාරයේ වගකීම කිසිදු කැරලිකාර කණ්ඩායමක් භාර ගෙන නොමැති අතර ප්‍රහාරකයන් කොටුකර ගැනීම සඳහා පොලිසිය සහ සොල්දාදුවන් විසින් එම ප්‍රදේශයේ සෝදිසි මෙහෙයුම් දියත් කර තිබෙනවා.

සීතල කාන්තාර කලාපයක් වන ලඩාක් සමඟ කාශ්මීර නිම්නය සම්බන්ධ කිරීම සඳහා මෙම උමං ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන අතර එහි දේශීය කම්කරුවන් සිය ගණනක් වැඩ කරන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ 

පසුගිය සතියේ, නැගෙනහිර බිහාර් ප්‍රාන්තයේ කම්කරුවෙකුගේ මළ සිරුරක් කාශ්මීරයේ ෂොපියන් ප්‍රදේශයෙන් සොයා ගෙන තිබු අතර වෙඩි උණ්ඩ  විශාල ප්‍රමාණයක් එම ශරීරයේ තිබු බවයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ