Tuesday, October 22, 2024

General line - 0115112241

අබිරහස් ලෙස මියගිය සුපිරි ගායකයාගේ මරණයට හේතුව හෙළිවෙයි




පසුගිය සතියේ අබිරහස් ලෙස මියගිය සුපිරි ගායක ලියම් පේන්ගේ මරණයට හේතුව හෙළිවී තිබෙනවා 

ආර්ජන්ටිනාවේ Buenos Aires හි CasaSur Palermo හෝටලයේ ඔහුගේ හෝටල් කාමරයේ තුන්වන මහලේ බැල්කනියෙන් වැටීමෙන් පසු ජීවිතක්ෂයට පත් විය 

ඔහුගේ මරණයට අදාළ මරණ පරීක්ෂණ වාර්තාව මේ වනවිට නිකුත් වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ 

එම වාර්තාවට අනුව හෙළි වූයේ පේන් මිය යන විට "රෝස කොකේන්" ලෙස හඳුන්වන මත්ද්‍රව්‍ය ඔහුගේ ශරීර ගතව තිබූ බවයි.

“රෝස කොකේන්,” කොකේන් අවශ්‍යයෙන්ම අඩංගු නොවන විනෝදාත්මක ඖෂධයක් වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ 

මරණ පරීක්ෂණයෙන් හෙළි වී තිබෙන්නේ  බැල්කනියෙන් වැටීමෙන් පේන්ගේ ශරීරයේ තුවාල 25 ක් ඇති බවයි.

තවද විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ හිස් කබල, පපුව, උදරය සහ අත් පා වල අභ්‍යන්තර හා බාහිර රුධිර වහනය ඔහුගේ මරණයට හේතු වූ බවයි.