Tuesday, October 22, 2024

General line - 0115112241

සවුදි අරාබියේ දැවැන්ත මෙහෙයුමක් අනවසර සංක්‍රමණිකයන් විශාල පිරිසක් අත්අඩංගුවට




නීති විරෝධී සංක්‍රමණිකයන් විශාල පිරිසක් සවුදි අරාබි ආරක්ෂක හමුදාව අත්අඩංගුවට ගෙන තිබෙනවා 

ඒ පසුගිය 10 වැනිදා සිට රට පුරා සිදු කළ සෝදිසි මෙහෙයුම්වලදී 

සෞදි අරාබියේ අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය නිවේදනය කලේ 22,000කට ආසන්න පිරිසක් එලෙස අත්අඩංගුවට ගත් බවයි 

එ අතුරින්  පදිංචිය පිළිබඳ නීති කඩ කිරීම සම්බන්ධයෙන් ද 13,186 ක්ද  දේශසීමා ආරක්ෂක නීති උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් 5,427 ක් ද කම්කරු නීතිවලට අනුකූල නොවීම සම්බන්ධයෙන් 3,358 ක් ද ඇතුළුව පුද්ගලයන්  21,971 දෙනකු  අත්අඩංගුවට පත් වූ බවයි එරට ආරක්ෂක අංශ සඳහන් කර සිටියේ.

ඔවුන්ගෙන් 34% ක් යේමන ජාතිකයින්, 64% ඉතියෝපියානුවන් සහ 2% වෙනත් ජාතිකයින් වන බවයි එරට ආරක්ෂක අංශ සඳහන් කර තිබුනේ 

නීති කඩකරන්නන් ප්‍රවාහනය, නවාතැන් සැපයීම සහ සේවයේ යෙදවීම සම්බන්ධයෙන් 18 දෙනෙකු අමාත්‍යාංශ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

මේ සම්බන්ධයෙන් සෞදි අරාබියේ අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයාද අනතුරු අඟවා තිබෙනවා.

ඒ අනුව ඔහු පවසා සිටියේ  පුද්ගලයන්ට නීතිවිරෝධී ලෙස රාජ්‍යයට ඇතුළු වීමට පහසුකම් සපයන, ඔවුන්ව එහි භූමියට ප්‍රවාහනය කරන, ඔවුන්ට නවාතැන් හෝ වෙනත් ආධාර හෝ සේවාවක් සපයන ඕනෑම පුද්ගලයෙකුට වසර 15 දක්වා සිර දඬුවම් සහ දඩයකට යටත් විය හැකි බවයි.

තවද සෞදි රියාල්  මිලියනයක් දක්වා, සහ ප්‍රවාහනය සඳහා භාවිතා කරන වාහන හෝ නවාතැන් සඳහා භාවිතා කරන නිවාස රාජසන්තක කරන බවද සෞදි අරාබියේ අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා අනතුරු අඟවා තිබෙනවා.