වෙළඳපොළ තුළ රතු සහල් ඇතුළු සහල් වර්ග කිහිපයක හිඟයක් තවමත් පවතින බවට ජනතාව මැසිවිලි නගනවා.
ජනතාව අදාල බලධාරින්ගෙන් ඉල්ලා සිටින්නේ අත්‍යවශ්‍ය සහල් ප්‍රමාණය ආනායනය කර හෝ ජනතාවට ලබාදෙන ලෙසයි.
කෙසේවෙතත් වෙළඳුන් පවසන්නේ රජය විසින් සහල්වලට පනවා ඇති පාලන මිල ඉවත් කළහොත් හිඟයකින් තොරව සහල් ලබාදීමේ හැකියාවක් පවතින බවයි.
පවතින හාල් හිඟය සම්බන්ධයෙන් කෘෂිකර්ම අමාත්‍ය කේ ඩී ලාල්කාන්ත මහතාගෙන් මාධ්‍යවේදීන් ප්‍රශ්න කළා.
එහිදී අමාත්‍යවරයා කියා සිටියේ ජනතාවට අවශ්‍ය සහල් ප්‍රමාණය හිඟයකින් තොරව ලබාදීම රජයේ වගකීම බවයි.