පෞද්ගලික වාහන ගෙන්වීමට අදාළව නවතම ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ, මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින්.
ඒ අනුව අද සිට බලපැවැත්වෙන පරිදි එම ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා.
පනවා තිබූ තාවකාලික තහනම ඉවත් කරමින් මගී ප්‍රවාහන, විශේෂ කාර්ය වාහන, වාණිජ සහ භාණ්ඩ ප්‍රවාහන මෙන්ම පෞද්ගලික වාහන ආනයනය සම්බන්ධව එම ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා.
ඒ අනුව මෝටර් රථ, විදුලි මෝටර් රථ, දෙමුහුන් වාහන, කැබ් රථ, යතුරුපැදි සහ පාපැදි සඳහාද පනවා තිබූ තහනම ඉවත් කර ඇති බවයි එම ගැසට් නිවේදනයේ සඳහන් වන්නේ.