මාසික මිල සංශෝධනයට අනුව සුපිරි ඩීසල් මිල පමණක් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට සංශෝධනය කෙරුණා.
ඒ අනුව සුපිරි ඩීසල් ලීටරයක මිල ඉහළ දැමුණේ රුපියල් 18කින්.
එහි නව මිල රුපියල් 331ක් වන බවයි සිපෙට්කෝ, ලංකා අයි ඕ සී සහ සයිනොපෙක් සමාගම් පැවසුවේ.
ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 309ක මිලකට සහ ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් රුපියල් 371ක මිලකට තවදුරටත් අලෙවි කෙරෙනවා.
එමෙන්ම සුදු ඩීසල් ලීටරයක් රුපියල් 286ක මිලකටත් භූමිතෙල් ලීටරයක් රුපියල් 183ක මිලකටත් තවදුරටත් අලෙවි කෙරෙන බවයි එම සමාගම් පැවසුවේ.