Friday, September 20, 2024

General line - 0115112241

බුදුපිළිමය කඩා දැමූ තැන හමුදා අනු කණ්ඩයක් ඉවත් කරලා




වවුනියාව කනගරායන්කුලම් ප‍්‍රදේශයේ බුදුපිළිම වහන්සේ දෙනමක් කිසියම් පිරිසක් විසින් කඩා දැමීම සම්බන්ධයෙන් විමර්ශනය කර වරදකරුවන්ට අනිවාර්යයෙන් දඬුවම් ලබාදෙන බවට ආරක්ෂක අමාත්‍යංශය සහතික වනවා.

බුදිපිළිමය පිහිටි ස්ථානයේ සිටි හමුදා අනු ඛණ්ඩය ඉවත් කරගත් පසු මෙම සිදුවීම වාර්තා වූ බවත්,පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මක බවත්,ඊට අදාළ පුද්ගලයෙකු හඳුනාගෙන ඇති බවත් වරදකරුවන්ට අනිවාර්යෙන්ම දඩුවම් ලබාදෙන බවත් ඔහු පැවසුවා.

කඩා දැමුණු බුදුපිළිම වහන්සේ නමක් වෙනුවට වෙනත් බුදුපිළිම වහන්සේ නමක් සිවිල් වැසියන් විසින් ඉකුත් දා අදාළ ස්ථානයේම තැන්පත් කරනු ලැබුවා.

ඒ සඳහා ප‍්‍රදේශයේ දෙමළ වැසියන්ගේ සහාය ලැබී තිබීම විශේෂත්වයක්. ඇවන්ජලික ඊලාම් විමුක්ති සංවිධානය නම් සංවිධානයක් අදාළ බුදුපිළිම වහන්සේ දෙනම කඩා දමා ඇති බවයි ශ‍්‍රී ලංකා හින්දු සම්මේලනය පැවසුවේ.

ඇවන්ජලික ඊලාම් විමුක්ති සංවිධානය නමින් තමන්ට ද තර්ජනය කිරීම් සිදුවූ බව ශ‍්‍රී ලංකා හින්දු සම්මේලනයේ සභාපති එන්. අරුන්කාන්ත් මීට පෙර කියා සිටියා.

00001vigneswaran-1 (1)

00002vigneswaran-1