Friday, September 20, 2024

General line - 0115112241

තනි දුම්වැටියක් මිලදී ගැනීම තහනම් කරන්න යෝජනාවක්




දුම්කොළ බද්ද ඉහළ දැමීම සඳහා මුදල් අමාත්‍යංශ නිලධාරීන්ගෙන් බාධා එල්ල වන බව තමන් සිදුකළ විමර්ශනයකදී හෙළි වූ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.

එහි සහකාර ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ සඳහන් කළේ ජනාධිපතිවරයා ද මේ සම්බන්ධයෙන් ඉකුත් දා හෙළිදරව් කිරීමක් සිදුකළ බවයි.

ඔහු එම අදහස් පළ කළේ කොළඹ පැවති මාධ්‍ය හමුවකදීයි. දුම්වැටි ඇසුරුම් සඳහා හඳුන්වා දුන් රූපමය අවවාද වඩාත් ප‍්‍රායෝගිකව ජනතාවට දැනෙන ආකාරයෙන් සමාජගත කිරීම සඳහා අනුගමනය කළ යුතු කි‍්‍රයාමාර්ග පිළිබඳවද වෛද්‍ය හරිත අලුත්ගේ මෙහිදී කරුණු දැක්වූවා.

එහිදී හෙතෙම පැවසුවේ “රූපමය අවවාද වඩාත් ප්‍රායෝගික වීමට තනි දුම්වැටියක් මිලදී ගැනීමේ හැකියාව තහනම් කළ යුතුයි. ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්නායකයත් ඒක තමයි. තනි දුම්වැටියක් මිලදී ගැනීමේදී පැකට්ටුවේ ඇති රූපමය අවවාද නෙත ගැටෙන්නේ නැහැ. ලංකාව තුළ සිදු කළ සමීක්ෂණයකින් හෙළි වෙලා තියෙනවා ලංකාව තුළ 75% ක් ඉන්නේ තනි දුම්වැටියක් හෝ දුම්වැටි කිහිපයක් මිලදී ගන්න පුද්ගලයින් බව.”