Friday, September 20, 2024

General line - 0115112241

“පොලිසියෙත් වැරැද්දක් තියෙනවා – වගකීම භාර ගන්නාවා”




පුස්සැල්ලාව පොලිසියේ සිර මැදිරියක් තුළ පුද්ගලයෙකු ගෙල වැළලා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අද (20) පාර්ලිමේන්තුවේදී නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය සාගල රත්නායක කරුණු කිහිපයක් හෙළි කළා.

ඒ අනුව පුස්සැල්ලාව පොලීසිය තුළ සැකකරුවෙකු මිය යෑමේ සිද්ධියේ වගකීම රජය භාර ගන්නා බවයි අමාත්‍ය සාගල රත්නායක පාර්ලිමේන්තුවේදී පැවසුවේ. පොලීසිය රජයේ ආයතනයක් බැවින් එම සිදුවීමේ වගකීම රජය භාර ගන්නා බවයි ඔහු වැඩි දුරටත් සඳහන් කළේ.

එහිදී හෙතෙම සඳහන් කළේ “පැය භාගයෙන් භාගයට පොලිස් වාර්තා තැබිය යුතු වුවත් එම සිදුවීම සිදු වූ දිනයේදී පස්වරු 6.45 න් පසුව නවැතත් පොලිස් සටහනක් තබා ඇත්තේ පස්වරු 7.40ටයි.  පොලිස් නිලධාරීන් කිසියම් රාජකාරී පැහැර හැරීමක් සිදු කර තිබෙනවාද කියලා හොයන්න ඕනේ.” යනුවෙනි.