Saturday, September 21, 2024

General line - 0115112241

කොළඹ වරායට කාර් වැස්සක් (PHOTOS)




මෝටර් රථ විශාල ප්‍රමාණයක් රැගත් “ස්ප්‍රින්ග් ස්කයි” නෞකාව පසුගියදා කොළඹ වරාය වෙත ළඟාවිය.

මෙය මෝටර් රථ ප්‍රවාහනය(Car Carrier) සඳහාම යොදා ගැණෙන නෞකාවකි.

මීටර 165 ක දිගකින් සමන්විත මෙම නෞකාව මෙම වසර තුළ වාහන රැගෙන කොළඹ වරායට ආ විශාලතම නෞකාවන්ගෙන් එකක් ලෙසද හැඳින්විය හැකිය.

ඉන්දියාවේ ඉනෝරා වරායේ සිට පැමිණි මෙම නෞකාව මඟින් ගෙන ආ මෝටර් රථ සංඛ්‍යාව 1539 කි.

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ ECT පර්යන්තයෙහි නැංගුරම් ගත කළ පළමු වාහන නෞකාව මෙය වන බව ශ්‍රී ලංකා වරාය අධිකාරියේ මෙහෙයුම් අධ්‍යක්ෂ ජයන්ත පෙරේරා මහතා පවසයි.

dsc_8061

unnamed-4

dsc_8043