Saturday, September 21, 2024

General line - 0115112241

විග්නේෂ්වරන්ට පිළිතුරු දෙන්න ඒකාබද්ධ විපක්ෂය රත්නපුරේට රොක් වෙයි




ඒකාබද්ධ විපක්‍ෂය අද (29) කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී උතුරු පළාත් ප‍්‍රධාන අමාත්‍යවරයාගේ කි‍්‍රයාකලාපය සම්බන්ධයෙන් අදහස් පළ වුණා.

එම මාධ්‍ය හමුවට එක්වූ පාර්ලිමේන්තු මන්තී‍්‍ර පියල් නිශාන්ත පැවසුවේ ලබන 8 වැනිදා රත්නපුරයේදී පැවැත්වෙන ඒකාබද්ධ විපක්‍ෂයේ රැළියේදී ද ඊට විරෝධය පළ කරන බවයි.

එහිදී හෙතෙම වැඩි දුරටත් සඳහන් කළේ “උතුරේ ඉන්න මහඇමතිවරයා කරන ප්‍රකාශ, ක්‍රියාත්මක කරන වැඩපිළිවෙල දැක්කට පස්සේ..අපි තීරණය කළා මේ යහපාලනය ඉතාම ඉක්මණින් ගෙදර යවන්න. ඒ වෙනුවෙන් දැවැන්ත රැළියක් රත්නපුරේ ජනබල මෙහෙයුම තුළින් ක්‍රියාත්මක කරනවා.” යනුවෙනි.