Saturday, September 21, 2024

General line - 0115112241

යාපනයේ අනීතාගෙන් නව ශ්‍රී ලංකා වාර්තාවක්




යාපනයේදි පැවැත්වෙන 42 වන ජාතික මහා කි‍්‍රඩා උළලේදී තවත් ශී‍්‍ර ලංකා වාර්තාවක් මීට නොබෝ වේලාවකට පෙර බිහි වුණා. ඒ, රිටි පැනීම කාන්තා ඉසව්වෙන්.

උතුරු පළාත නියෝජනය කළ ජේ. අනීතා මීටර් 3.41 ක දක්‍ෂතාවක් දක්වමින් මෙම වාර්තාව පිහිටවනු ලැබුවා.

මීට පෙර මීටර් 3.40ක දක්‍ෂතාවක් දක්වමින් හසිතා දිල්රුක්‍ෂි මෙම වාර්තාව පිහිටුවා තිබුණා.

අද දිනයේ මෙම තරගාවලියේ බිහි වූ දෙවන වාර්තාව මෙය වනවා.

sport-www-nethnews-lk00001 sport-www-nethnews-lk00002