Saturday, September 21, 2024

General line - 0115112241

බුදු මැදුරේදී සිසුවියන් 4කට ලිංගික අතවර කළ විදුහල්පතිවරයෙකුට වැඩ වරදී




පාසල් ශිෂ්‍යාවන් හතර දෙනෙකුට ලිංගික අතවර කළේ යැයි සැකපිට බණ්ඩාරවෙල, ඇල්ල අධ්‍යාපන කොට්ඨාසයේ පාසලක විදුහල්පතිවරයෙකු පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ මෙලෙස අතවරයට ලක්ව ඇත්තේ 10 වන සහ 11 වන ශ්‍රේණිවල ඉගෙනුම ලැබූ සිසුවියන් සිව් දෙනෙකු බවයි.

පාසලේ බුදුමැදුරේදී හා ගුරු විවේකාගාරයේදී අදාළ ශිෂ්‍යාවන් වෙන් වෙන් වශයෙන් අතවරයට ලක්කර ඇති බවද අනාවරණ වී තිබෙනවා.

ඒ පිළිබද ශිෂ්‍යාවන් දෙමව්පියන්ට හා ගුරුවරුන්ට දැන්වීමෙන් පසු පොලීසියට කරන ලද පැමිණිල්ලක් අනුව සැකකරු අත්අඩංගුවට ගැණුනා.

සැකකාර විදුහල්පතිවරයා මීට පෙර බාලවයස්කාර ඥාති දියණියකට ලිංගික අතවර කළ බවට චෝදනා ලැබූ අයෙක් බවයි පොලිස් විමර්ශනවලදී අනාවරණ වි ඇත්තේ.