Saturday, September 21, 2024

General line - 0115112241

ක්‍රීඩාව සහ වාසි සහගත ගිවිසුම් අගමැතිගේ ඉලක්කයයි (VIDEO) – UPDATE




නවසීලන්ත අග්‍රාමාත්‍ය ජෝන් කී මහතාගේ ආරාධනයකට අනුව නවසීලන්තයේ තෙදින නිල සංචාරයක් සඳහා පැමිණි ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරයා ඇතුලු දූත පිරිස නවසීලන්ත ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය නැතන් ගයි විසින් පිළිගනු ලැබ තිබෙනවා.

එම අවස්ථාවට නවසීලන්තයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් සෝමසුන්දරම් ස්කන්දකුමාර් ද එක්ව සිටියා.

“අපගේ දීර්ඝකාලීන මිතුරෙකු වන නවසීලන්තය සමගින් ශ්‍රී ලංකාවේ ක්‍රීඩාව නැංවීමට අවශ්‍ය තාක්ෂණික දැණුම හා ආධාර ලබාගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වීමටද අප බලාපොරොත්තු වෙනවා.විශේෂයෙන්ම ඕක්ලන්ඩ් නගරයේදී එරට වෙසෙන ශ්‍රී ලාංකිකයන් විසින් ගොඩනගාගෙන තිබෙන ‘නවසීලන්ත – ශ්‍රී ලංකා‘ සංවිධානවල එකමුතුවෙන් පවත්වනු ලබන විශේෂ හමුවකටද සහභාගී වීමට බලාපොරොත්තු වන අතර නවසීලන්ත පාර්ලිමේන්තුවේදී එරට වෙසෙන ආසියානු විද්වතුන්ගේ හමුවක් ඇමතීමටද නියමිතයි.ප්‍රථම වතාවට ශ්‍රී ලංකීය රාජ්‍ය නායකයෙකු සහභාගී වන මෙම නවසීලන්ත සංචාරයේදී ශ්‍රී ලංකාවට වාසි සහගත ගිවිසුම් රැසකට එළඹීම සඳහා අවශ්‍ය මූලික සාකච්ඡා පැවැත්වීමට මා බලාපොරොත්තු වෙනවා.” යනුවෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ෆේස්බුක් පිටුවේ සටහනක් ද තබා තිබෙනවා.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුලු පිරිස නවසීලන්තයට පැමිණි අවස්ථාවේ වීඩියෝව පහතින් නැරඹිය හැකියි.


අගමැති දැන් නවසීලන්තයේ  (PHOTOS)

Sep 30, 2016 @ 11:55

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු අමාත්‍යවරු පිරිස අද නවසීලන්ත ඕක්ලන්ඩ් ජාත්‍යන්තර ගුවන් තොටුපොළට පැමිණ තිබෙනවා.

විදුලි සන්දේශ සහ ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු , නීතිය සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක සහ විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා ද අගමැතිවරයා සමග එරටට පැමිණ සිටින බවයි වාර්තා වන්නේ.

රනිල් වික්‍රමසිංහ මහතාගේ නවසීලන්ත සංචාරයේදී වෙළෙඳ ක්ෂේත්‍රය, කලාපීය ආර්ථිකය සහ ආරක්ෂාව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිතයි.

මෙහිදී ද්වි පාර්ශ්වික වෙළෙඳ ගිවිසුම් අත්සන් තැබෙන බවයි අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළේ.

14501858_1056549814459918_190188952_n 14518712_1056549801126586_879997068_n 14527418_1056549807793252_2132469682_n 14527514_1056549797793253_62735772_n