Monday, September 23, 2024

General line - 0115112241

නරේන්ද්‍ර මෝදිට එරෙහිව රාවණා බලය අවි අමෝරයි




රාවණා රජු ත්‍රස්තවාදියෙකු ලෙස හැඟී යන පරිදි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ඉකුත්දා කළ ප්‍රකාශය රාවණා බලය සංවිධානයද හෙළාදකිනවා.

එහි කැඳවුම්කරු පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියන් කියා සිටියේ මෙම ප්‍රකාශයට එරෙහිව ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය වෙත ගොස් සංදේශයක් භාරදීමට කටයුතු කරන බවයි.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ප්‍රකාශ කර ඇත්තේ ත්‍රස්තවාදය යනු රාවණාගේ නව යුගය බවයි.

හින්දු ආගමිකයන්ගේ වැදගත් උත්සවයක් වන දුෂෙහ්රා උත්සවයේදී ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ඒ බව ප්‍රකාශ කර තිඛෙනවා.

රාවණා රජුගේ පිළිරුවක් තනා ඊට ගිනි තැබීම දුෂෙහ්රා උත්සවය හා බැඳුණු ප්‍රධාන ක්‍රියාකාරකමක්.

ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ මෙම ප්‍රකාශය මෙන්ම මෙම ආගමික උත්සවයද රාවණා බලය සංවිධානයේ විවේචනයට ලක් වුණා.එහිදී උන්වහන්සේ සඳහන් කළේ දුටුගැමුණු රජු විසින් එළාරව පරාජය කළ පසු ඔහු වෙනුවෙන් සෑයක් පවා ඉදිකළ බවත් අදටත් ඔහුගේ පින්තූරයක් කන්දේ විහාරයේ තිබෙන බවත් අප එසේ ගරු කරද්දි ඔවුන් රාවණා රජුගේ පිළිරූ ගිනි තබමින් මරණයට පත්වූ අයකුගෙන් පවා පළිගන්නා බවයි

රාවණා රජු ත්‍රස්තවාදියෙකු ලෙස හැඟී යන පරිදි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ඉකුත්දා කළ ප්‍රකාශය ජාතීන් අතර සංහිදියාවටද බාධාවක් බවයි පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියන් මෙහිදී කියා සිටියේ.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි රාවණා රජු සම්බන්ධයෙන් කළ ප්‍රකාශය රාවණා ශක්ති ජාතික සංවිධානයද මීට පෙර හෙළා දුටුවා. එහි ලේකම් දුලිප් සංජය පැවසුවේ රාවණා රජු ත්‍රස්තවාදියෙකු ලෙස රාමායනයේදී හෝ හඳුන්වාදී නොමැති බවයි.

ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සිදුකළ ප‍්‍රකාශය පහතින්