Monday, September 23, 2024

General line - 0115112241

විදුලි කැපීම් ගාස්තු වැඩිවීම් ඉන්දියාවෙන් ගෙන්වීම් ගැන විදුලි ඇමති කතා කරයි




දැඩි නියං සමයක වුවද කප්පාදුවකින් තොරව විදුලිය සැපයීමට සූදානම් බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

විදුලි ගාස්තු වැඩි කිරීමේ සූදානමක් ද නොමැති බවයි බටන්ගල ප්‍රදේශයේ උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා කියා සිටියේ.

ඉන්දියාවෙන් විදුලිය ලබාගැනීමේ සූදානමක් පවතින බවට පළ වන වාර්තාවලට ද ප්‍රතිචාර දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ
එවන් සූදානමක් නොමැති බවත්,අනෙකුත් රටවල් සමග බලශක්ති බෙදාගැනීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරන බවය.