Saturday, April 27, 2024

General line - 0115112241

දුම්රිය මගීන්ගේ නවාතැන් පහසුකම් පුළුල් කිරීමේ වැඩපිළිවෙලක්




දුම්රිය මගීන් සඳහා නවාතැන් පහසුකම් පුළුල් කිරීමට ප‍්‍රවාහන අමාත්‍යංශය තීරණය කර තිබෙනවා.

ඒ අනුව තෝරාගත් දුම්රිය ස්ථාන 25 ක විවේකාගාර සහ විශ‍්‍රාම ශාලා ඉදි කිරීමට නියමිතයි.

එම දුම්රිය ස්ථානවලින් ගමන් අවසන් කරන දුම්රියවල මගීන්ට මෙමගින් පහසු මිලට නවාතැන් පහසුකම් සපයනු ඇති.

පළමු අදියර ලෙස බදුල්ල දුම්රිය ස්ථානයේ විශ‍්‍රාම ශාලාවක් ඉදිකිරීම අද (15) ආරම්භ කෙරුණු බවයි ප‍්‍රවාහන අමාත්‍යංශය පැවසුවේ.

කාමර දහයකින් යුත් එම විශ‍්‍රාම ශාලාව වෙනුවෙන් වැය කෙරෙන මුදල රුපියල් ලක්ෂ 230 ක්.

ලබන වසරේ අපේ‍්‍රල් මාසය වනවිට ඉදිකිරීම් අවසන් කිරීමට නියමිතව තිබෙනවා.