Friday, April 26, 2024

General line - 0115112241

ලිපියක් ලියා මිය ගිය බුද්ධි අංශ සාමාජිකයා නිසා පොලිසියට ප‍්‍රශ්න වැලක්




මාධ්‍යවේදී ලසන්ත වික‍්‍රමතුංග ඝාතනය තමන් විසින් සිදු කළේ යැයි ලිපියක් ලියා විශ‍්‍රාමික බුද්ධි අංශ සාමාජිකයෙකු සියදිවි හානි කර ගැනීම සම්බන්ධයෙන් විසඳා ගත යුතු ප‍්‍රශ්න රැසක් ඇතැයි පොලිස්පති පූජිත් ජයසුන්දර පවසනවා.

ඔහු ඒ බව පැවසුවේ වව්නියාව ප‍්‍රදේශයේ දී මාධ්‍යවේදීන් කළ ප‍්‍රශ්න කිරීම්වලට පිළිතුරු ලබා දෙමින්.

“තාම ඒ පුද්ගලයා කියපු කාරනය පිළිබඳව නිෂ්චිතව නිගමනයකට එන්න අපහසුයි. ඒ පිළිබඳව විශේෂ කරුණු කාරණා ගණනාවක් සලකා බලන්න තියෙනවා. ඒ පුද්ගලයා ඒ විදිහට වචනයක් කිවුවේ ඇයි, මොකක්ද හේතුව කියලා ඒ හේතුවේ පරීක්ෂණ ගොඩාක් කරන්න තියෙනවා. ඒ ප්‍රදේශයේ , පෞද්ගලික හේතු , රාජකාරීමය හේතු , එයා විශ්‍රාමික පුද්ගලයෙක් එහෙනම් විශ්‍රාමිකයෙක් හැටියට ඇයි එහෙම කියන්නේ. ඊලඟට එහෙම කියපු පුද්ගලයා ප්‍රකාශයක් කෙරුවා විතරක් නෙමෙයි ඔහු සියදිවි හානි කරගත්තා. සියදිවි හානිකරගැනීමට හේතු වුනේ ඇයි , රාජකාරීමය හේතුවක්ද , විශ්‍රාමිකයෙකුට මොකක්ද තියෙන රාජකාරී හේතු. නැත්නම් පෞද්ගලික දෙයක්ද , නැත්නම් ඔහුට ආපූ මානසික පීඩනයක්ද , තර්ජනයක්ද ආදී වශයෙන් විවිධාකාරී දේවල් පරික්ෂා කරලා බලන්න තියෙනවා මේ සිද්ධිය සම්බන්ධයෙන්. ඒ නිසා ඒ පිළිබඳව කෑගල්ලෙන් කෙරෙන පරීක්ෂණවලට අමතරව අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තුවෙන්ම නැවත ඒ පිළිබඳවත් පරීක්ෂණ පවත්වනවා.ඒ පරීක්ෂණයේ සම්පූර්ණ තොරතුරු පසුකාලයේදී මහජනතාවට දැනුවත් කරනවා”.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සහ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයට ජනාධිපතිවරයා ඉකුත් දා කළ චෝදනා පිළිබඳව ද මාධ්‍යවේදීන් මෙහි දී ප‍්‍රශ්න කළා.

එහෙත් ඊට පිළිතුරක් ලබා දිය නොහැකි බවයි පොලිස්පතිවරයා කියා සිටියේ.

police-www-nethnews-lk00001 police-www-nethnews-lk00002 police-www-nethnews-lk00003