Saturday, July 27, 2024

General line - 0115112241

කාල ගණනය අක‍්‍රිය වීමෙන් දියගම ධාවන තරග කොට උඩ



94වෙනි ජාතික මලල ක‍්‍රීඩා ශූරතා තරගාවලියේදී ධාවන ඉසව්වලට එක්වූ ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් රැසක් දැඩි අපහසුතාවන්ට ලක්වුණා.

තරගාවලිය අද (08) ආරම්භ වූයේ හෝමාගම දියගම මහින්ද රාජපක්ෂ ක‍්‍රීඩාංගණයේදීයි.

ක‍්‍රීඩාංගණයේ ඇති ප‍්‍රධාන ස්වයංක‍්‍රීය කාල ගණන යන්ත‍්‍රය අක‍්‍රීය වීම හේතුවෙන් ධාවන ඉසව් රැසක් ප‍්‍රමාද වී අද ආරම්භ වූ බවයි එහි සිටින නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

ස්වයංක‍්‍රීය කාල ගණන යන්ත‍්‍රය අක‍්‍රිය වීම හේතුවෙන් ධාවන ඉසව්වල කාල ගණනය සිදුකෙරුණේ කුඩා ප‍්‍රමාණයේ කාල ගණන යන්ත‍්‍රවලින්.

මලල ක‍්‍රීඩා සංගමයේ බලධාරියෙකු පැවසුවේ ප‍්‍රධාන ස්වයංක‍්‍රීය කාල ගණන යන්ත‍්‍රය භාවිතයට ගත නොහැකි තත්ත්වයේ පවතින බවයි.

මේ හේතුවෙන් තරගාවලියේ ඉදිරි දින දෙකේදී ද කුඩා ප‍්‍රමාණයේ කාල ගණන යන්ත‍්‍ර භාවිත කිරීමට සිදුව ඇති බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.

ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලට පෙර ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ගේ පරිසාධන මට්ටම් උරගා බැලෙන අවසන් තරගාවලිය ද මෙය වනවා.