Saturday, September 21, 2024

General line - 0115112241

එක්නැලිගොඩ නඩුවේ තව දෙන්නෙක් එළියේ




ප‍්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් වීමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි බුද්ධී අංශ සාමාජිකයන් දෙදෙනා අද (08) ඇප මත මුදාහැරුණා.

එ් අවිස්සාවේල්ල මහාධිකරණ විනිසුරු අමල් තිලකරත්නගේ නියෝගයකට අනුවයි.

මෙලෙස මුදාහැරුණේ අදාළ නඩුවේ සිවුවන හා පස්වැනි විත්තිකරුවන් දෙදෙනායි.

රුපියල් ලක්ෂ 10ක මුදල් ඇප හා රුපියල් ලක්ෂ 30 බැගින් වූ ශරීර ඇප දෙකක් මත සැකකරුවන් මුදාහරින ලෙස මහාධිකරණ විනිසුරුවරයා මෙහිදී නියෝග කළා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටි තවත් බුද්ධි අංශ සාමාජිකයන් කිහිපදෙනෙකු මීට පෙර ඇප මත මුදාහරිනු ලැබුවා.