Saturday, September 21, 2024

General line - 0115112241

කුමන්ත්‍රණය ගැන ආණ්ඩුවෙන් නිවේදනයක්




ආබාධිත විශ‍්‍රාමික රණවිරුවන්ගේ ඉල්ලීම් ලබාදීමට කටයුතු කර තිබියදීත් ඊයේ (07) දිනයේ ජනාධිපති කාර්යාල පරිශ‍්‍රය සහ අවට ප‍්‍රදේශවල ඇති කළ කලහකාරී තත්වය රජය අපහසුතාවට පත් කිරීමේ කුමන්ත‍්‍රණයක් බව රජය අවධාරණය කරනවා.

ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ එය රණවිරුවන් සහ රජය අතර බරපතල බෙදීමක් සිදු කිරීමේ අරමුණින් කි‍්‍රයාත්මක කළ කුමන්ත‍්‍රණයක් බවයි.

ජනාධිපති කාර්යාලය අසළට පැමිණ අහිංසක ආබාධිත රණවිරුවන් තමන් මෙහෙයවූයේ කවුදැයි නොදන්නා බවත්, ගැටලුව නිරාකරණයට සියලු අවශ්‍යතා සම්පූර්ණ කර තිබියදීත්, මෙවැනි තත්වයක් උදා කිරීම ආණ්ඩු විරෝධී කණ්ඩායමක උත්සහයක් බව පෙනී යන බවත් එම නිවේදනයේ සඳහන්.

ආබාධිත රණවිරුවන්ගේ ඉල්ලීම් ලබාදීමට විෂය භාර අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා අමාත්‍ය මණ්ඩල සංදේශයක් ඉදිරිපත් කළේ මීට මාස 4 කට පෙර බවද ජනාධිපති මාධ්‍ය අංශය පෙන්වා දෙනවා.

දීර්ඝ කාලයක සිට රජයට විරුද්ධ දේශපාලන සංවිධානවල කටයුතු කරන භික්ෂුන් වහන්සේලා කිහිපදෙනෙකු හා පිටස්තර පිරිසකගේ මැදිහත් වීම මත ඇති කළ මෙම කලහකාරී සිදුවීම දේශපාලන අවශ්‍යතාවක් බව ඉතා පැහැදිලි බවද එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙනවා.