Saturday, September 21, 2024

General line - 0115112241

සයිටම් නඩුව යළි විභාගය 10 වැනිදා




මාළඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ උපාධිධාරී සිසුන් වෛද්‍යවරුන් වශයෙන් ලියාපදිංචි නොකිරීමට ශ්‍රී ලංකා වෛද්‍ය සභාව ගෙන ඇති තීන්දුව නීති විරෝධී බවට ප්‍රකාශ කරන්නැයි ඉල්ලා එම ආයතනයේ සිසුවියන් දෙදෙනෙකු ඉදිරිපත් කළ පෙත්සම් අද (08) අභියචනාධිකරණය හමුවේ විභාගයට ගැණුනා.

පෙත්සම්කාර නීතීඥවරු එහිදී අධිකරණයට දැනුම්දී ඇත්තේ යම් අධ්‍යාපන ආයනයක් සඳහා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන පනත යටතේ අවසරයක් ලබාදුන් විට ඊට මැදිහත්වීමට වෙනත් පාර්ශවවලට බලයක් නොමැති බවයි.

ඒ අනුව මාළඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ උපාධිධාරීන් වෛද්‍යවරුන් වශයෙන් ලියාපදිංචි නොකිරීමට ශ්‍රී ලංකා වෛද්‍ය සභාව ගෙන ඇති තීරණය නීතියට පටහැණි බව එම නීතීඥවරුන් අධිකරණය හමුවේ ප්‍රකාශ කර තිබෙනවා.

අද දින පෙත්සම්කාර පාර්ශවයේ කරුණු දැක්වීම අවසන් කර ඇති අතර පෙත්සම සම්බන්ධයෙන් වැඩිදුර විභාගය ලබන 10 වැනිදා පැවැත්වීමට නියමිත බවයි සඳහන් වුණේ.