Saturday, September 21, 2024

General line - 0115112241

“උතුරට හමුදාව වැඩියි! ජනතාවට නිදහස අඩුයි“ විපක්ෂ නායක කියන අලුත්ම කතාව




උතුරු පළාතේ රඳවා සිටින ආරක්ෂක හමුදා සාමාජිකයන් ප‍්‍රමාණය අඩු කළ යුතු බව විපක්ෂ නායක ආර්. සම්බන්ධන් යළි ප‍්‍රකාශ කරනවා. යෝජිත නව ව්‍යවස්ථාව තුළින් උතුරු නැගෙනහිර ජනතාව වෙත සම අයිතිවාසිකම් ලබා දිය යුතු බවයි ආර්. සම්බන්ධන් ප‍්‍රකාශ කර ඇත්තේ.

එක්සත් ජාතින්ගේ සංවිධානය හා පොදුරාජ්‍ය මණ්ඩලයීය කටයුතු පිළිබඳ බි‍්‍රතාන්‍ය අමාත්‍ය ජොයිස් ඇනෙල් හමු වූ අවස්ථාවේදී විපක්ෂ නායකවරයා මේ බව ප‍්‍රකාශ කර තිබෙනවා. විපක්ෂ නායක ආර්. සම්බන්ධන් එහිදී වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ උතුරේ අධික ලෙස රඳවා සිටින ආරක්ෂක හමුදා හේතුවෙන් එම ප‍්‍රදේශවල ජනතාවගේ නිදහස සීමා වී ඇති බවයි.