Thursday, March 28, 2024

General line - 0115112241

අධිකරණයේ පිහිට පතන අයටත් අයවැයෙන් පහරක් – ඉඩමක් මිලට ගන්නත් වැඩිපුර ලක්ෂ 5ක්




මෙවර අයවැයෙන් ඉදිරිපත් කර ඇති යෝජනා කිහිපයක් හේතුවෙන් නීතිඥයින් මෙන්ම අධිකරණයේ පිහිට පතන ජනතාව ද පීඩාවට පත්ව ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී සිසිර ජයකොඩි පවසනවා.

නඩු පැවරීම සඳහා ගාස්තුවක් අය කිරීම, ප්‍රාග්ධන බද්ද පැනවීම හේතුවෙන් නිශ්චල දේපළක් බැහැර කිරීමේදී උපලබ්ධි වන ලාභයට සියයට 10ක අතිරේක බද්දක් පැනවීමට මෙවර අයවැයෙන් යෝජනා කෙරුණා.

මේ හේතුවෙන් ඉඩමක් මිලදී ගැනීමේදී ලක්ෂ 5ක පමණ අතිරේක මුදලක් ගෙවීමට සාමාන්‍ය ගනුදෙනුකරුවෙකුට සිදුවන බවයි සිසිර ජයකොඩි මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ.

අධිකරණයේ පිහිට පතා පැමිණෙන ජනතාවගෙන් නඩු පැවරීමේ ගාස්තුවක් අය කිරීමෙන් ඔවුන් ද පීඩාවට පත්වන බව සිසිර ජයකොඩි මන්ත්‍රීවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නා.