Friday, March 29, 2024

General line - 0115112241

ඕස්ටේ‍්‍රලියාවට ගිය නීතිවිරෝධී සංක‍්‍රමණිකයින් අමෙරිකාවට




ඕස්ටේ‍්‍රලියාවට පැමිණෙන නීතිවිරෝධී සංක‍්‍රමණිකයින් යළි පදිංචි කරවීම සදහා එරට ආණ්ඩුව හා අමෙරිකා එක්සත් ජනපදය එකගතාවකට පැමිණ තිබෙනවා.

ඒ අනුව පැපුවා නිව්ගීනියා සහ නාවුරු යන දූපත්වල රදවා සිටින සංක‍්‍රමණිකයින් අමෙරිකාවේ නැවත පදිංචිකරවීම සිදුකරනු ඇති.

ඒ සදහා අවස්ථාව හිමි වන්නේ දේශපාලන රැකවරණය වඩාත්ම අවශ්‍ය සංක‍්‍රමණිකයින්ටයි.

කෙසේවෙතත් අමෙරිකානු ජනාධිපති ධුරය සදහා පත් වූ ඩොනල්ඩ් ට‍්‍රම්ප් මේ සම්බන්ධයෙන් මෙතෙක් සිය ස්ථාවරය ප‍්‍රකාශ කර නැහැ.

දේශපාලන රැකවරණ පතා ඕස්ටේ‍්‍රලියාව වෙත පැමිණි එක්දහස් දෙසීයක පිරිසක් මේ වනවිට කඳවුරුවල රඳවා සිටිනවා.