Friday, April 26, 2024

General line - 0115112241

ඇඟලුම් අලෙවිසැලේ ගින්න ගැන තවදුරටත් පරීක්ෂණ (UPDATE)




පැපිලියානේ ඇඟලුම් අලෙවිසැලක හටගත් ගින්න සම්බන්ධයෙන් රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේද සහාය ඇතිව තවදුරටත් පරීක්ෂණ කි‍්‍රයාත්මකයි.

පොලිස් මූලස්ථානය පවසන්නේ සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසයද පරීක්ෂණයක් කි‍්‍රයාත්මක කරන බවයි.

විධිමත් පුළුල් පරීක්ෂණයක් සිදු කිරීම එහි ප‍්‍රධාන අරමුණයි. ගින්න ඇතිවීමට හේතුව සොයා බැලීම සඳහා ඉහළ තාක්ෂණික ක‍්‍රමවේද අනුගමනය කරන බවද පොලිස් මූලස්ථානය උපුටා දක්වන රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව අද (20) නිවේදනය කළා.


පැපිළියාන රෙදිපිළි අලෙවිසැලේ ගින්න තවමත්
Nov 20, 2016 @ 06:37

පැපිලියාන ප‍්‍රදේශයේ රෙදිපිළි අලෙවිසැලක ඊයේ (19) රාත‍්‍රියේ ඇති වූ ගින්න මැඩපැවැත්වීමේ කටයුතු තවදුරටත් සිදු කෙරෙනවා.

ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව පැවසුවේ ඊට ගිනි නිවීම් රථ අටක් යොදවා ඇති බවයි.

ඉන් පහක් දෙහිවල – ගල්කිස්ස මහනගර සභාවේ ගිනි නිවීම් රථ වනවා.

ඊයේ රාත‍්‍රී 9.00 ට පමණ ගින්න හට ගැණුනා. කෙසේ වෙතත් ගින්නට හේතුව කුමක්දැයි මෙතෙක් අනාවරණ වී නැහැ.