Friday, May 17, 2024

General line - 0115112241

නොලද ආදරය ගැන යුරේනි හෙළිදරව් කරයි!



 

නිළියක, ගායිකාවක ,නිරූපණ ශිල්පිණියක මෙන්ම නිවේදිකාවක ලෙස ද අප හමුවට එන යුරේනි නොෂිකා පසුගිය සති අන්ත පුවත්පතකට අපූරු සාකච්ඡාවක් දී තිබුණා.

ඒ ඇගේ නොලැබුණ ආදරය ගැන.

යුරේනිට මේ කියන පෙම්වතා හමුවෙලා තියෙන්නේ මීට අවුරුදු දෙකකට විතර කලින් සංගීත කටයුත්තකට ගිය මොහොතකලු.එතැනට මේ කියන පුද්ගලයත් ඇවිදින් හිටියාලු.

දුටු ගමනින්ම ඔහු පිළිබඳ ආදරයක් ඇති නොවුණ බවත්, කාලයක් යාලුවෝ විදියට ඇසුරු කළායින් පසුව මෙසේ ඔහු ගැන ආදරයක් ඇති වුණා කියලා යුරේනි කියනවා.

ඔහු කඩවසම් කෙනෙක් නොවන බවත්,ඔහුගේ ගතිගුණ වලට, ජීවිතේ දිහා බලන විදියට හිත ගියා කියලත් යුරේනි පවසනවා.

ඒ නිහඬ පෙම් කතාවට මොකද වුණේ? යන පැනයට ඇය මෙසේ පිළිතුරු දී තිබුණා.
”කාලයක් ඒක මගෙ හිතේ තිබුණා. ඒ කාලය තුළ අපි හොඳ යාළුවෝ විදියට හිටියා. ඒ කාලය තුළ එයාගෙන් මගෙ ජීවිතේට ගොඩක් දේවල් ලැබුණා. මම මානසිකව වැටුණු වෙලාවට ශක්තිය දුන්නා. ධනාත්මකව හිතන හැටි මට කියල දුන්නා. ප්‍රශ්නයක් ආවම මම ඊට මුහුණ දෙන විදිය වෙනස් කරල අලුත් විදියට හිතන්න පුරුදු කළා. හැබැයි ඒ මොන දේ ලැබුණත් එයාගෙ ආදරේ නම් මට ලැබුණෙ නැහැ”.

ඒ කොහොම වුණත් මේ නිහඬ පෙම් කතාව ඉබේම ඇති වෙලා ඉබේම නැතිවී ගිය බවත්,ඔහුගෙන් ලැබුණු ශක්තිය මෙන්ම හිතවත්කමද නැතිවෙලා ගියේ නැහැ කියලා යුරේනි අවසාන වශයෙන් පවසා තිබුණා.