Friday, October 18, 2024

General line - 0115112241

දුරුතු පුර පසළොස්වක පොහොය අදයි




දුරුතු පුර පසළොස්වක පොහොය අදට යෙදී තිබෙනවා.

මෙම වසරේදී එළඹෙන පළමු පොහොය දිනය වන්නේ ද දුරුතු පොහොයයි. බුදුරජාණන් වහන්සේගේ පළමු ලංකාගමනය මෙහිදී විශේෂයෙන් සිහිපත් කෙරෙනවා.

මෙම ලංකාගමනයේදී උන්වහන්සේ යක්ෂ ගෝත‍්‍රිකයින් දමනය කර ධර්මය දේශනා කළ බවයි බෞද්ධ ඉතිහාසයේ සඳහන් වන්නේ.

මේ  පිළිබඳ වැඩිදුරටත් කරුණු දක්වූ පූජ්‍ය වල්පොල ගෝතම හිමියන් පෙන්වා දුන්නේ බුදුරජාණන් වහන්සේගේ මෙම ලංකාගමන සිහිවීම සඳහා මහියංගණ සෑ රදුන් ඉදිකෙරුණු බවයි.

මේ අතර පොහොය දිනවලදී නෙත් එෆ්.එම්. රේඩියෝව සංවිධාන කරන ස්වේත පූජා වැඩසටහන අද පැවැත්වෙන්නේ ඓතිහාසික රුවන්වැල්ල වැන්දල සිරි විසුද්ධාරාමයේදීයි.

අලුයම උවැසි උවැසියන් අෂ්ඨාංග සීලය සමාදන් කරවීමෙන් මෙම වැඩසටහන ආරම්භ වුණා. ධර්ම දේශනා, සම්බුද්ධ පූජා ඇතුළු පිංකම් ද මීට ඇතුළත්.