Friday, October 18, 2024

General line - 0115112241

විමල් සිල් ගන්න අවසර ඉල්ලයි




දුරුතු පොහොය වෙනුවෙන් අද (12) සිල් සමාදන් වීම සඳහා රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ බන්ධනාගාරයෙන් අවසර ඉල්ලා තිබෙනවා.

සෑම පොහෝ දිනකම බන්ධනාගාරයේ ආගමික වැඩසටහන් සංවිධාන කරන්නේ එහි සුබසාධක සංගමය විසින්.

ඒ අනුව දුරුතු පොහොය වෙනුවෙන් අද සිල් සමාදන් වීමට කැමැත්තෙන් සිටින රැඳවූවන් පිළිබඳ ඔවුන් ලේඛනයක් සකසා තිබෙනවා. පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ ඇතුළු මැගසින් බන්ධනාගාරයේ රැඳවූවන් 85 දෙනෙකු එම ලේඛනයේ නම සඳහන් කර ඇති බවයි බන්ධනාගාර ආරංචි කියා සිටියේ.

අදාළ ආගමික වතාවත් බන්ධනාගාරය තුළම පිහිටි විහාරස්ථානයේදී සිදුකෙරෙනු ඇති.

විමල් වීරවංශ රඳවා ඇත්තේ මැගසින් බන්ධනාගාරයේ ‘ඊ’ වාට්ටුවේයි.