Friday, October 18, 2024

General line - 0115112241

“උතුරේ ජනතාවට ඇති අයිතිය තවමත් දකුණේ ජනතාවට නැහැ”




දෙමළ ජාතිකයින්ගේ අයිතිවාසිකම් පිළිබඳ සංහිඳියා කාර්ය සාධක බළකාය විසින් ඉදිරිපත් කර ඇති වාර්තාවෙන් කරුණු දක්වා ඇතත් සිංහල ජනතාවගේ අයිතීන් පිළිබඳ එමගින් කරුණු දක්වා නොමැති බව ජාතික හෙළ උරුමයේ ප‍්‍රධාන ලේකම් අමාත්‍ය පාඨලී චම්පික රණවක පෙන්වා දෙනවා.

එහිදී ඔහු වැඩි දුරටත් සඳහන් කළේ දෙමළ ජනතාවට සෑම ආකාරයකින්ම ආර්ථික නිදහස ද ලැබී ඇති බවයි. උතුරේ ජනතාවට ලැබී ඇති නිදහස තවමත් දකුණේ සිංහල සහ මුස්ලිම් ජනතාවට ලැබී නොමැති බවත් පැවසුවා.

දකුණේ ප්‍රදේශවල දෙමළ ජනතාව පදිංචි වෙනවා සේම උතුරේ ප්‍රදේශවල සිංහල සහ මුස්ලිම් ජනතාව පදිංචිවීමේ අයිතිය පිළිබඳව මෙම සංහිඳියා වාර්තාවෙන් වචනයක්වත් කතා කර නොමැති බවත් සඳහන් කළා. බුද්ධාගමට තවමත් රටේ රාජ්‍ය ආගමක තත්ත්වයක් ලැබී නැති බවත් සඳහන් කෙරුණා.

සංහිඳියා කාර්ය සාධක බළකාය විසින් ඉදිරිපත් කර ඇති මෙම වාර්තාව එල්.ටී.ටී.ඊ. හිතවාදීන්ගේ අවශ්‍යතා ඉටුකිරීමක් බවත් මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.

සංහිඳියා කාර්ය සාධක බළකාය විසින් ඉදිරිපත් කර ඇති වාර්තාව රට තුළින්ම රටට එරෙහිව ඉදිරිපත්වූවක් බව ජාතික හෙළ උරුමයේ ජාතික සංවිධායක නිශාන්ත ශ‍්‍රී වර්ණසිංහ ද සඳහන් කළා.