Monday, December 30, 2024

General line - 0115112241

වෛද්‍ය සභාවේ තීරණය ගැන සයිටම් දැනට නිහඩයි




තම ආයතනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා වෛද්‍ය සභාව ගත් තීරණය පිළිබද ඉදිරියේදී විශේෂ සාකච්ඡාවක් පවත්වන බව මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය පවසනවා. 

එහි ජීව රසායන විද්‍යා අංශයේ මහාචාර්ය කීර්ති තෙන්නකෝන් පැවසුවේ වෛද්‍ය සභාවේ ස්ථාවරය සම්බන්ධයෙන් ගන්නා පියවර පිළිබද මෙතෙක් කිසිදු එකඟතාවකට පැමිණ නොමැති බවයි. 

කෙසේ වෙතත්  ඉදිරියේදී පැවැත්වෙන සාකච්ඡාවේදී අවසන් එකඟතාවකට පැමිණීමට අපේක්ෂා කරන බවද ඔහු කියා සිටියා. 

මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් අභියාචනාධිකරණය ලබාදුන් තීන්දුව පිළිනොගන්නා බවයි ශ්‍රී ලංකා වෛද්‍ය සභාව ඊයේ ප්‍රකාශ කළේ. 

ඒ අනුව වෛද්‍ය සභාවේ සාමාජිකයින් ඉදිරි දින 42 තුළ ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කරනු ඇති බවද ප්‍රකාශ කෙරුණා. 

රෝගීන්ගේ යහපත ගැන සිතා මෙම අභියාචනය ඉදිරිපත් කරන බවයි ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපති මහාචාර්ය කාලෝ ෆොන්සේකා කියා සිටියේ.