Saturday, September 21, 2024

General line - 0115112241

ගෝඨා සහ කාලෝ එකම වේදිකාවේ - හිතේ තිබුණ බය ගැනත් කාලෝ කියයි




වෛද්‍ය සභාවේ සභාපති මහාචාර්ය කලෝ ෆොන්සේකා සෞඛ්‍ය ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් එකලද අඩුපාඩු පෙන්වා දුන් බව හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ අද (20) පැවති උත්සවයකදී අදහස් පළ කළා.

කොතලාවල ආරක්‍ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨය සම්බන්ධයෙන්ද මෙහිදී අදහස් පළ කෙරුණා.

එහිදී ඔහු සඳහන් කළේ "ත්‍රිවිධ හමුදාවේම වෛද්‍යවරුන්ගේ හිඟයක් තිබුණා. ඉතින් ඒ නිසා වෛද්‍ය පීඨයක් ඇති කිරීම අපේ අරමුණ වුණා. අනෙකුත් වෛද්‍ය පීඨවලට සමානවම මෙහි අවශ්‍ය කරන ප්‍රමිතිය තිබෙනවා. සමහරුන් කියනවා මම බලහත්කාරයෙන් එය ඉටු කළා කියලා. ඒක ඇත්තද කියලා මහාචාර්ය කාලෝ ෆොන්සේකා සාක්ෂි දරයි." යනුවෙනි.

එම උත්සවයට එක්ව සිටි මහාචාර්ය කලෝ ෆොන්සේකා පැවසුවේ රෝගීන්ගේ සුරක්‍ෂිතතාවය වෙනුවෙන් තමන් පෙනී සිටින බවයි.

වැඩි දුරටත් අදහස් දක්වමින් "එතුමාට මගේ හිතේ බයක් තිබුණා ඒ කාලේ.. හැබැයි මේක නම් කෙරුවෙ බයට නෙමෙයි. ඒක ඉතාම ඉහළ තත්ත්වයක තිබිච්ච වෛද්‍ය විද්‍යාලයක්. ඒකයි මාළඹෙයි එහෙම ඇයි?." යනුවෙනි.