Saturday, September 21, 2024

General line - 0115112241

විෂ සහල් ගැන තොරතුරු ඉල්ලයි




කිසියම් විෂ වර්ගයක් සහිත සහල් මෙරටට ආනයනය කරන වෙළඳුන් සිටී නම් ඒ පිළිබඳ සිය අමාත්‍යාංශයට තොරතුරු දන්වන ලෙස වෙළඳ හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඞ් බදියුදීන් පවසනවා.

කොළඹ අද (20) පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියෙකු නෑගු ප‍්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු මේ බව සඳහන් කළා. 

මෙහිදී අදහස් දැක්වූ පාරිභෝගික සේවා අධිකාරියේ සභාපති හසිත තිලකරත්න පැවසුවේ කිසිවෙකුගේ හෝ අභිමතය පරිදි සහල් ආනයනය කිරීමට නොහැකි බවයි.