Tuesday, April 23, 2024

General line - 0115112241

උතුරු කොරියාවට චීනයෙන් අනතුරු ඇඟවීමක්




න්‍යෂ්ටික අත්හදා බැලීම් සිදු නොකරන ලෙස චීනය, උතුරු කොරියාවට ප්‍රකාශ කර තිබෙනවා.

එසේ නොවුනහොත් එය අනාගතයේදී විශාල ගැටළු ඇති කරනු ඇති බවයි චීන විදේශ අමාත්‍ය වැන් ඊ කියා සිටියේ.

උතුරු කොරියාවට සමීපතම රටවල් දෙක අතරින් එකක් වන්නේ චීනයයි.

උතුරු කොරියාව පසුගියදා බැලස්ටික් මිසයිල හතරක් අත්හදා බැලුවා. දකුණු කොරියාව මේ පිළිබඳව මුල්වරට අනාවරණය කළ අතර එම මිසයිලවලින් තුනක්ම තම මුහුදු සීමාවට පතිත වී ඇති බවයි ජපානය ප්‍රකාශ කළේ.