Saturday, September 21, 2024

General line - 0115112241

බලපත්‍ර නොමැතිව යතුරුපැදියෙන් ගිය තරුණයෙකුට අමානුෂිකව පහර දුන් පොලිසියේ දෙන්නා හෙළි කරන්නලු




දොඩංගොඩ පොලිසියට අයත් රථවාහන පොලිස් නිලධාරින් දෙදෙනෙකු රියදුරු බලපත්‍රයක් නොමැතිවීම නිසා අණ නොතකා ධාවනය කල යතුරුපැදිකරුවෙකුට අමානුෂික ආකාරයෙන් පහර දෙන වීඩියෝ දර්ශන මාධ්‍ය තුලින් පසුගියදා වාර්තා කළා.
 

මෙම වීඩියෝව පිළිබඳ මාධය නිවේදනයක් නිකුත් කරමින් සමස්ත ලංකා යතුරුපැදිකරුවන්ගේ සංගමය පෙන්වා දෙන්නේ.. "ගහන්න එපා සර්" කියනා විලාප මැද එම තරුණයාව බිම දමාගෙන නිල ඇඳුමට මුවා වූ ත්‍රස්තවාදීන් හා මැරවරුන් මෙන් පහර දෙන බවක් දක්නට තිබෙන බවයි.

මෙවන් ක්‍රියාවන් මොනයම් අවස්ථාවකදී, කුමන හේතුවක් මතවත් සිය සංගමය පිළිනොගන්නා බවයි එම නිවේදනයේ වැඩි දුරටත් දැක්වෙන්නේ.

ජනතාවට වගකිවයුතු පොලිසියක් නම්, එම නිලධාරින්ගේ නම් හා සේවා අංක සහිතව එය මාධ්‍යට ප්‍රසිද්ධ කරන ලෙසද ඔවුන් පොලිසියෙන් ඉල්ලීමක් කරනවා.

අදාළ නිවේදනයේ වැඩි දුරටත් දැක්වෙන්නේ,

"පොලිස් නිලධාරින් සතු ආධිපත්‍ය වහා ඉවත් කිරීමට හා මාර්ග විනය ආරක්ෂා කිරීම සඳහා වැරැද්දක් වෙනුවට වෙන වැරැද්දක් ලියා දඩ කොළ නිකුත් කිරීමේ ක්‍රමවේදය පස් පුද්ගල මඩුල්ලක් හරහා පමණක් සිදුකිරීමට පියවර ගන්නා ලෙසද අපි ඉල්ලා සිටිමූ. උස් තැන් දැක හැකිලෙන්නේ....මිටි තැන් දැක පුප්පන්නේ.... යන සමාජ මතය පාරාජය කිරීමට පියවර ගන්න ලෙස අපි ඉල්ලා සිටිමු." යනුවෙනි.