Saturday, September 21, 2024

General line - 0115112241

AH1N1 වෛරසයෙන් ගැබිණියන් ඇතුළු 17 ක් මරුට




ඒ.එච්.වන්.එන්.වන්. වෛරසය ආසාදනය වූ ගැබිණි කාන්තාවන් ඇතුළු 17 දෙනෙකු මේ වනවිට මියගොස් ඇතැයි මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂිකා වෛද්‍ය ශාන්ති සමරසිංහ පවසනවා.

ඇය පෙන්වා දෙන්නේ වෛරසය ආසාදනය වූ රෝගීන් 115 දෙනෙකු තවදුරටත් රෝහල්වල නේවාසිකව ප‍්‍රතිකාර ලබමින් සිටින බවයි. 

මධ්‍යම පළාතේ මහනුවර හා මාතලේ යන දිස්ත‍්‍රික්ක තුළ ඒ එච්.වන්.එන්.වන්. වෛරසය ඉතා ශීඝ‍්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතිනවා.

මහනුවර දිස්ත‍්‍රික්කයෙන් මරණ 12ක් වාර්තා වී ඇති අතර මාතලේ දිස්ත‍්‍රික්කයෙන් මරණ පහක් වාර්තාවී තිබෙනවා. 

කෙසේ වෙතත් වෛසරය ව්‍යාප්ත වීම පාලනය කිරීම සහ රෝගීන්ට ප‍්‍රතිකාර කිරීම කඩිනමි කර ඇති බවයි මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂිකා වෛද්‍ය ශාන්ති සමරසිංහ සඳහන් කළේ.