Saturday, September 21, 2024

General line - 0115112241

දවුල්දෙන මහනාහිමිගේ අදාහන පූජෝත්සවය පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව (UPDATE)




ශ‍්‍රි ලංකා අමරපුර මහා නිකායේ මහා නායක අතිපූජ්‍ය දවුල්දෙන ඥානිස්සර හිමියන්ගේ අපවත් වීම සමස්ත බෞද්ධ ජනතාවගේ සංවේගයට හේතුවක් බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පවසනවා.

මහානාහිමියන්ගේ අපවත් වීම වෙනුවෙන් ශෝක පණිවිඩයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ මහ නාහිමියන් ගත වූ සියවසේ ශ‍්‍රී ලංකාවේ බිහිවූ අග‍්‍රගණ්‍ය සංස්කෘත භාෂා විශාරදයෙකු වන බවයි.

එමෙන්ම උන්වහන්සේ  පරමාදර්ශි සංඝ පිතෘවරයෙකු වන බවද ජනාධිපතිවරයා නිකුත් කළ ශෝක පණිවිඩයේ දැක්වෙනවා. 

මේ අතර මහනාහිමියන්ගේ ආදාහන පූජෝත්සවය පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව සිදු කිරීමටද ජනාධිපතිවරයා උපදෙස් ලබා දී තිබෙනවා. ආදාහන පූජෝත්සවය ලබන 06 වැනිදා කොළඹ නිදහස් චතුරස‍්‍රයේදී සිදු කිරීමට නියමිතයි. 
 

-------------------------

දවුල්දෙන මහනාහිමිගේ අදාහන පූජෝත්සවය හය වැනිදා

(03-04-2017 11:36)

 

ශ‍්‍රී ලංකා අමරපුර මහනිකායේ මහනායක අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය දවුල්දෙන ඥාණිස්සර නාහිමියන්ගේ ආදාහන පූජෝත්සවය ලබන හය වැනිදා  සිදු කෙරෙනවා. 

ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන සඳහන් කළේ ආදාහන පූජෝත්සවය සම්බන්ධයෙන් අද පස්වරුවේ විශේෂ සාකච්ඡුාවක් පැවැත්වෙන බවයි. 

එහි දී ආදාහන පූජෝත්සවය පැවැත්වෙන ස්ථානය පිළිබඳ තීරණය කරන බව ද අමාත්‍යවරයා සඳහන් කළා. 

අග්ග මහා පණ්ඩිත අතිපූජ්‍ය දවුල්දෙන ඥාණිස්සර නාහිමියන් අපවත් වූයේ අද අලූයමයි. 

ඒ පෞද්ගලික රෝහලට ප‍්‍රතිකාර ලබමින් සිටියදීයි.

අපවත් වනවිට උන්වහන්සේ වසර 101ක් ආයු වළඳා තිබුණා. 

මහනාහිමියන්ගේ ශ‍්‍රී දේහය අද පස්වරු හතේ සිට පාගොඩ විද්‍යා විජයාරාමයේ තැන්පත් කර තැබෙනු ඇති. 

දෙස් විදෙස් ගිහි පැවිදි පිරිසගේ ගෞරවයට පාත‍්‍ර වූ උන්වහන්සේ අමරපුර මහනිකායේ මහා නායක පදවියට පත්වූයේ 2002 වසරේදීයි.