Saturday, September 21, 2024

General line - 0115112241

කළුතර දිස්ත‍්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී උණුසුම් තත්ත්වයක්




කළුතර දිස්ත‍්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේ දී අද (03) උණුසුම් තත්වයක් හට ගත්තා. 

ඒ එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී ලක්ෂ්මන් විජේමාන්න හා පළාත් සභා මන්ත‍්‍රී ජගත් වින්නගොඩ විතාන අතර ඇති වූ උණුසුම් වචන හුවමාරුවක් හේතුවෙන්. 

මේ නිසා කමිටු රැස්වීම අතරමග නතර කිරීමට ද සිදු වුණා. 

මෙහිදී අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත‍්‍රී ලක්ෂ්මන් විජේමාන්න පැවසුවේ පළාත් සභා මන්ත‍්‍රී ජගත් පින්නගොඩ විතාන රාජ්‍ය නිලධාරීන් පීඩාවට පත් කරමින් සිටින බවයි. 

මෙම ප‍්‍රකාශත් සමග කළුතර දිස්ත‍්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේ උණුසුම් තත්ත්වයක් හට ගත් බවයි නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කළේ.