Saturday, September 21, 2024

General line - 0115112241

වයිකෝට වැඩ වරදියි




තමිලාන්ඩුවේ එල්.ටී.ටී.ඊ. හිතවාදී දේශපාලනඥයෙකු සහ MDMK පක්ෂයේ නායක වයි. ගෝපාලස්වාමි හෙවත් වයිකෝ චෙන්නායි පොලීසිය මගින් අද (03) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පසුව මහේස්ත්‍රාත්වරයා හමුවට පැමිණවීමෙන් පසු දින 15ක කාලයක් සඳහා ඔහුව රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බවද ඉන්දීය මාධ්‍ය වාර්තා කළා.

ශ්‍රී ලංකාවේ ඒකීය රාජ්‍යයකට සහාය නොදක්වන ලෙස ඉන්දීය රජයට අනතුරු අගවමින් වයිකෝ එල්.ටී.ටී.ඊ. සංවිධානයට ප්‍රසිද්ධියේ සහය පළ කිරීම ඔහු අත්අඩංගුවට ගැනීමට හේතුවයි.