Saturday, September 21, 2024

General line - 0115112241

වර්ජනය නවතන්න ආණ්ඩුවට තවමත් අවස්ථාව




ලබන 07 වැනිදා ක‍්‍රියාත්මක කිරීමට නියමිත වෛද්‍ය වර්ජනය නතර කරවා ගැනීමට ආණ්ඩුවට තවමත් අවස්ථාව තිබෙන බව සමස්ත ලංකා වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය පවසනවා.

කොළඹ අද (03) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් එම සංගමයේ සභාපති වෛද්‍ය ගිෂාන්ත දසනායක සඳහන් කළේ තම සංගමය ද මෙම වැඩ වර්ජනයට එක් වන බවයි. 

මාළඹේ සයිටම් වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් ජනමත විචාරණයක් වුව ද පැවැත්වීමට ආණ්ඩුවට හැකියාවක් තිබෙන බවයි මෙහිදි වැඩි දුරටත් ප‍්‍රකාශ කෙරුණේ.

මාලඹේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිව ලබන 07 වන සිකුරාදා දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක් සිදු කරන බව රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමයේ විශේෂ මධ්‍යම කාරක සභාව රැස්වී අද පෙරවරුවේ තීරණය කළා.

ඒ අනුව අද සිට විරෝධතා මාලාවක් ආරම්භ කරන බවත් එහි සංස්කාරක වෛද්‍ය නලින්ද හේරත් සඳහන් කළා. 

එහිදී ඔහු වැඩි දුරටත් සඳහන් කළේ විරෝධතා සහ මහජන දැනුවත් කිරීම් ද සිදු කරන බවයි. එළඹෙන බදාදා කොටුව සහ මරදාන දුම්රිය ස්ථානවලදී අත්පත්‍රිකා බෙදා හරින බවද පැවසුවා. 

සෞඛ්‍ය වෘත්තිය සමිති රැසක් මෙම වැඩ වර්ජනයට සහය ලබා දෙන බව දැනටමත් ප‍්‍රකාශ කර ඇති බවද වෛද්‍ය නලින්ද හේරත් මෙහිදී කියා සිටියා. 

ලබන 07 වැනිදා පෞද්ගලික වෛද්‍ය ප‍්‍රතිකාර කටයුතු ද ඇන හිටින බවයි මෙම මාධ්‍ය හමුවට එක් වූ වෛද්‍ය හරිත අළුත්ගේ සඳහන් කළේ.