Saturday, September 21, 2024

General line - 0115112241

පොළොන්නරුව වෛජයන්ති ප‍්‍රාසාදයේ සංරක්ෂණ කටයුතු ඇරඹේ




පොළොන්නරුව ඓතිහාසික වෛජයන්ති ප‍්‍රාසාදය පිහිටි පුරාවිද්‍යාත්මක ස්ථාන සහිත භූමිය වටා ඇති ප‍්‍රාකාර බැම්මේ සංරක්ෂණ කටයුතු සම්බන්ධයෙන් වාර්තාවක් කැඳවා ඇති බව මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්‍ෂ ජනරාල් මහාචාර්ය ප‍්‍රිශාන්ත ගුණවර්ධන පවසනවා. 

අදාළ බැම්මේ සංරක්ෂණ කටයුතු මධ්‍යම සංස්කෘතික අරමුදලේ පොළොන්නරුව කාර්යාලයේ මැදිහත්වීමෙන් ඉකුත් දා ආරම්භ කෙරුණා. 

කෙසේ වෙතත් සංරක්ෂණ කටයුතුවල දී එම බැම්මේ පුරාවිද්‍යාත්මක වටිනාකමට හානියක් සිදුව ඇති බවට වාර්තා පල වුණා. 

ඒ සම්බන්ධයෙන් නෙත් නිවුස් කළ විමසීමක දී මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්‍ෂ ජනරාල් ප‍්‍රිශාන්ත ගුණවර්ධන කියා සිටියේ සිද්ධිය සම්බන්ධයෙන් සොයා බලා තමන්ට වාර්තා කරන ලෙස මේ වනවිටත් අදාළ අංශවලට උපදෙස් ලබාදී ඇති බවයි. 

කෙසේ වෙතත් අදාළ බැම්මේ සංරක්ෂණ කටයුතු මෙතෙක් අවසන් වී නොමැති බවද මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්‍ෂ ජනරාල්වරයා මෙහිදී සඳහන් කළා.