Saturday, September 21, 2024

General line - 0115112241

වෛරස් රෝගවලට බිය වෙන්න එපා - සෞඛ්‍ය අමාත්‍යංශයෙන් ඉල්ලිමක්




රටේ විවිධ ප‍්‍රදේශවල පැතිරී යන වෛරස්  රෝග තත්ත්වනයන් සම්බන්ධයෙන් ජනතාව කිසිදු බියක් ඇති කර නොගත යුතු බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා. 

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර සඳහන් කළේ යහපත් සෞඛ්‍ය පුරුදු පවත්වා ගෙන යාමෙන් බොහෝ වෛරස් රෝගයන්ගෙන් ආරක්ෂා විය හැකි බවයි.

ප‍්‍රදේශ කිහිපයක පැතිර යන  AH1 N1 වෛරසය ඇතුළු සෙසු වෙරස් උණ රෝගයන් සම්බන්ධයෙන් නෙත් නිවුස් කළ විමසිමකට පිළිතුරු ලබා දෙමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා මේ බව කියා සිටියා. 

වෛරස් උණ රෝගයක් පැතිර යාම හේතුවෙන් පේරාදෙණය විශ්වවිද්‍යාලය තාවකාලිකව වසා දැමීමට එහි පාලනාධිකාරිය ඊයේ තීරණය කළා.