Saturday, September 21, 2024

General line - 0115112241

රනිල් - සජිත් එක් කිරීමේ රහසක් හෙළි කරයි




රනිල් වික‍්‍රමසිංහ මහතා සහ සජිත් පේ‍්‍රමදාස  අතර සමගියක් ඇති කලේ තමන් බවත්,  පක්ෂයේ සියලු දෙනාම එක් වේදිකාවක නායකතුමත් සහ නියෝජ්‍ය නායකතුමත් එකට එක් කිරීම නිසා මෛතී‍්‍රපාල සිරිසේන මහතා ඉදිරියට ගෙනත් ජයග‍්‍රහනය කරන්න හැකියාව ලැබුණු බව විදේශ රැකියා ඇමතිනී තලතා අතුකෝරළ පවසනවා.

ඇය මෙම අදහස් දැක්වූයේ මරදාන ප‍්‍රදේශයේ එක්සත් ජාතික පාක්ෂික විදේශ රැකියා නියෝජිතයින්ගේ සංගමයේ කාර්යාලයක් විවෘත කිරීමේ අවස්ථාවට එක් වෙමින්.

එහිදි අමාත්‍යවරිය සඳහන් කළේ "2014 මැයි 30 වෙනිදා  මොණරාගලදි ගෙනල්ලා මමත්, මලික් සමරවික්‍රමත් මැදිහත් වීමෙන් අපේ නායකතුමත් සහ නියෝජ්‍ය නායකතුමත් එකතු කරපු නිසා තමයි අපිට මෛතී‍්‍රපාල සිරිසේන මහත්තයා ඉදිරියට ගෙනත් ජයග‍්‍රහනය කරන්න පුලූවන් වුනේ. අපි නිකන් ඇවිත් මේ පුටුවල වාඩි වෙලා නැහැ. කාලෙකට කලින් අපි සජිත් පේ‍්‍රමදාස මැතිතුමාත් එක්ක කල්ලියේ් හිටපු අය. මේවා විවෘතව කියන්නේ දැනගන්න  ඕනි නිසා. හැබැයි එකම මොහොතකවත් මම හිටියෙ නැහැ රනිල් වික‍්‍රමසිංහ නැතුව සජිත් පේ‍්‍රමදාස මහත්තයත් එක්ක ඉන්න  ඕනි කියන මතයේ. මම හැමදාම කිව්වේ අපේ අගමැතිතුමා ජයග‍්‍රහනය කරන්න, බිම් මට්ටමේ සංවිධානය තියන ජනපි‍්‍රයත්වය තියන සජිත් පේ‍්‍රමදාස මහත්තයත් එක්ක විතරයි ඉදිරි ගමනක් යන්න පුලුවන් කියලා. 2015 ආණ්ඩුවක් ගන්නවයි කියන එක අගමැතිතුමා එදා පැහැදිලිව කිව්වා.”  යනුවෙනි.